Wednesday, November 24, 2010

අනේ මං පාරේ මැරෙන්න ඕනැ කෙනෙක් ද?

කෙනෙකු අදහන ආගම දහම කුමක් හෝ වේවා වරදින් මිදී ජීවත්වීම සුගතිගාමී වීමට හේතු වේ. වරදින් මිදීම යනුවෙන් මෙහිදී අදහස් කළේ තමන්ට හෝ අනුන්ට හෝ දෙපාර්ශවයට ම හෝ අයහපතක්, දුකක් පීඩාවක් සිදුවීමට හේතුකාරක වන දෙයින් මිදී සිටීමය. මෙහි දී අනුන් යැයි සඳහන් වන්නේ අප ආශි‍්‍රත සමාජයේ ජීවත්වන මිනිසුන් පමණක් නොවේ.

මිනිසුන් ද තිරිසන් සතුන් ද, අපේ පියවි ඇසට, නොපෙනෙන සතුන් ද, මේ සියලු සතුන් ගේ පැවැත්මට හේතු වන පරිසරය ද ඊට ඇතුළත් වේ. එවැනි වරදින් මිදීම පිනකි. පින යනු තමන්ට මෙන් ම අනුන්ට ද සතුට සැපත සුවය ලැබීමට හේතු වන දෙයයි. සිත පිනා යෑමයි. ඒ සිත පිනා යෑම තුළින් ගොඩ නැගෙන චිත්තපී‍්‍රතිය තුළින් ඇතිවන, බිහිවන ශක්තිය තමන්ට ඒ මොහොතේ ම හෝ පසුව සුදුසු අවස්ථාවේදී ප්‍රතිවිපාක වශයෙන් සැප සතුට ලබා දෙයි. එය ලෝක ධර්මතාවයකි.

කුසලය අනෙකකි. කුසලය යනු කුසලතාවයි. තමන්ට හෝ අනුන්ට හෝ දෙපාර්ශවයට ම යහපතක්, සුබ සිද්ධියක් සඳහා හොඳ නිවැරැදි දෙයක් කිරීම හෝ වරදෙහි බැරෑරුම්කම අවබෝධ කැරගෙන ඒ වරදින් මිදීම කුසලයකි. එය අනුන්ගෙන් ලාබ ප්‍රයෝජනයක් හෝ කීර්ති ප්‍රසංශාවක් නොපතා, බලාපොරොත්තුවකින් තොරව, එහෙත් කර්මය හා කර්ම ඵල විශ්වාසයෙන් යුතුව, තමන්ගේ හෝ අනුන්ගේ යහපත පමණක් ම අපේක්ෂාවෙන් සිදු කළොත් එය කුසලතාව යි. කුසලය සංසාරිකව නිවන දක්වා ම පුරුද්දක් ලෙස දියුණු වෙමින් පවතී. කුසලයක් කිරීමෙන් ලබන සතුට ද පිනකි. පුණ්‍ය කර්මයකි. මෙහිදී මා උත්සාහ දරන්නේ අවබෝධයෙන් හා කර්මඵල විශ්වාසයෙන් සිදු කරන දෙයින් වඩාත් ප්‍රතිඵලදායක වන බව පාඨක ඔබට තහවුරු කිරීමට ය.

බ්‍රසීල ජාතික ඇරිගෝ සාමාන්‍ය පිහියකින් සැත්කම් කොට රෝගීන් සුවපත් කළ බව මීට පෙර ලිපියකින් ඉදිරිපත් කළෙමි. මේ ඊළඟ තොරතුරු ය.

දොස්තර ඇඩොල්ප්ස් ෆි‍්‍රට්ස් ලෝක යුද්ධ සමයේ ජර්මනියේ විසූ වෛද්‍ය වරයෙකි. ඔහු මරණයෙන් පසු බ්‍රසීලයේ ජීවත් වූ තිදෙනෙකු ගේ ශරීරවලට ඇතුළු වී ඔවුන් දේව බලයෙන් ලෙඩ සුව කරන පුද්ගලයන් බවට පත් කළ බලවත් භූතාත්මයකි. දොස්තර ෆි‍්‍රට්ස් ගේ භූතාත්මයේ බලපෑම ලබා සාමාන්‍ය පිහියකින් ශරීර ගත ගෙඩි කපා ඉවත් කොට සුවපත් කළ ප්‍රථම පුද්ගලයා සී. ඇරිගෝ ය. (1918 - 1971) ලෝක යුද්ධයේ දී ජර්මනියේ සේවය කළ දොස්තර ෆි‍්‍රට්ස් ගේ ආත්මය පිළිබඳ බොහෝ පරීක්ෂා කළ අයෙකු වූ බ්‍රයිඩේ මර්ෆි ට පවා ඔහු ගැන බොහෝ තතු සොයා ගත නොහැකි විය. ඔහුගේ භූතාත්මය ඇරිගෝ ගේ සිරුරට ඇතුළු වී රෝගීන්ට ප්‍රතිකාර කිරීම නම් ප්‍රචලිත කාරණයකි.

ඇරිගෝ අතින් ලියැවුණු බෙහෙත් සීට්ටු ඇරිගෝට ද කියැවීමට බැරි වූ අතර ඇරිගෝ ගේ සහෝදරයකු වූ ඖෂධ වේදියෙකුට පමණක් කියැවිය හැකි විය. බ්‍රසීලයේ සෙනෙට් සභිකයකු ගේ පිළිකා ගෙඩියක් කපා ඉවත් කොට සුවපත් කිරීමේ සැත්කම ඇරිගෝ ගේ කීර්තිය පළමුවෙන් ම පැතිර යෑමට හේතු විය. බ්‍රසීල ජනාධිපති ගේ දියණියට ප්‍රතිකාර කොට සුවපත් කිරීම ද තවත් එක්තරා හේතුවක් විය. ෆි‍්‍රට්ස් ගේ භූතාත්මය ඇරිගෝ ලවා මෙසේ ප්‍රතිකාර කරමින් සිටියදී ඛේදනීය මෝටර් රථ අනතුරකින් ඔහු මරණයට පත් විය.

ඇරිගෝ අවුරුදු විස්සක පමණ කාලයක් තුළ රෝගීන් දහස් ගණනකගේ ලෙඩ සුව කළත් ඔහු ඒ කිසිවෙකුගෙන් මුදලක් හෝ වෙනත් ප්‍රතිලාභයක් අය කළේ නැත. ඔහු ඇදහූ ආගම අනුව ඔහු විශ්වාස කළේ ස්වර්ගයට යෑම පමණි. එහෙත් ඇරිගෝ උපන්නේ ද භූතාත්මයකය. ඔහු කිසිදු අය කිරීමකින් තොරව රෝගීන් සුවපත් කළ ද එය ඔහුට පිනක් හෝ කුසලයක් බවට පත් වූයේ නැත. ඒ ඔහු ප්‍රතිකාර කළේ අවිඥානකව බැවිනි. එසේ ම, ඔහු කර්මය හා කර්ම ඵලය විශ්වාස කළේ ද නැත. එවැන්නක් ඔහු දැන සිටියේ නැත.

එහෙත් ඇරිගෝ කිසිදු අය කිරීමකින් තොරව සිදු කළ සේවය පිළිබඳ පොත පතින් කියැවූ පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ විය. ඒ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ කථිකාචාර්ය දයා අමරසේකර මහතා ය. ඇරිගෝ කළ සේවයට සාධාරණයක් සිදු විය යුතු යැයි අදහස් කළ දයා අමරසේකර මහතා ස්වකීය ආගමික වතාවත්වලින් පසුව ඇරිගෝගේ ආත්මයට පින් අනුමෝදන් කරන්නට විය.

තමන් ඇදහූ ආගමට අනුව ඇරිගෝගේ චිත්ත සන්තානයේ පැවති සංකල්ප වෙනස් වන්නට විය.

පින් අනුමෝදන්ව භූතාත්මයෙන් දේවතා තත්ත්වයට පත් විය. දැන් ඇරිගෝ ද බෞද්ධ පිළිවෙත් ගැන ප්‍රසාදයට පත්ව අමරසේකර මහතා සමඟ අදහස් හුවමාරු කැර ගනිමින් සිටියි. ඔවුන්ට ආවේණික වූ මාධ්‍යයක් හරහා අදහස් හුවමාරු කැර ගනිමින් තමන් සිය තත්ත්වයෙන් ඉහළ තත්ත්වයකට යෑමට තමන් නොදන්නා රටක නොදන්නා ධර්මයක් අදහන මේ නොදන්නා පුද්ගලයා පිළිබඳ ප්‍රසාදයට පත්ව ඇති අතර, මේ අදහස් හුවමාරු කැර ගැනීම් තුළින් කර්මය හා කර්ම විපාකය පිළිබඳ අවබෝධයක් ද ලබමින් සිටී.

ඇරිගෝ මෝටර් රථ අනතුරකින් මරණයට පත්වූ පසු දොස්තර ෆි‍්‍රට්ස් ගේ භූතාත්මය තවත් දෙදෙනෙකු ගේ ශරීරවලට රිංගා ආරූඩව සිය ප්‍රතිකාරය සිදු කරන්නට විය. ඒ දෙදෙනා නමින් එඩ්සන් ක්වේරෝස් හා රූබන්ස් ෆේරියස් ය. මෙහි ඉතා විශේෂ දෙයක් ඇත. රූබන් ෆේරියස් ඔහුගේ කතෝලික ඉගැන්වීම් අතහැර සූක්ෂම ශරීර හා ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වඩ වඩාත් උනන්දු වීමත්, බෞද්ධ සුදු කාන්තාවක වන බ්ලැවැස්කි මැතිනිය ගේ පරම විඥානාර්ථ වාදයට නැඹුරු වීමත් ය. සූක්ෂම ශරීරය තුළින් භෞතික සහ ශරීරයට ප්‍රතිකාර කළ හැකි ය යන මතය ඔහු දැරිය.

එහෙත් එවැනි ප්‍රතිකාර කළ හැක්කේ සුවිශේෂී අධිමානුෂිකයන්ට පමණි. එහෙත් ෆේරියස් ගේ ද මරණය ඇරිගෝ ගේ මෙන් ම හදිසි අනතුරකින් සිදුවීම නිසා ඔහුට ද වැඩි දුර ප්‍රතිකාර කළ නොහැකි විය. ඇරිගෝ මෙන් ම ඔහු ද නිසි අධ්‍යාපනික සුදුසුකම් ලැබුවෙක් නොවේ. එහෙත් ඔහු ද අතිවිශාල පිරිසකට ප්‍රතිකාර කළේ ය.ච්අ. ඍඥපදච කචබඥප නම් වූ ඕස්ට්‍රේලියානු අධිමානුෂීය වෛද්‍යවරයා ඇතුළු තවත් බොහෝ දෙනෙක් පසුව බ්‍රසීලයට පැමිණ මෙම ප්‍රතිකාර සේවය සිදු කැර ගෙන ගියහ.

මෙයින් පැහැදිලි වන්නේ කෙනෙකුට තමන්ගේ සිත ශක්තිමත් කිරීමෙන් අනුන්ගේ සූක්ෂ්ම ශරීරය හරහා භෞතික ශරීරයට බලපෑමක් කළ හැකි බව ය. අමරසේකර මහතා ඇරිගෝ ජීවත්ව සිටියදී කළ සේවය අගයමින් ඔහුගේ ආත්මයට පින් අනුමෝදන් කළේය. එයින් ඇරිගෝගේ සිත ශක්තිමත් විය. වෛද්‍ය ෆි‍්‍රට්ස් කළේ ඇරිගෝ ගේ සූක්ෂම ශරීරයට රිංගා ඔහුගේ භෞතික ශරීරය ලවා රෝගීන් සුවපත් කිරීමයි. ඇරිගෝ තමන් කළ සේවය කුසල කර්මයක් බව දැන සිටියේ නැත. ඔහුගේ සිතට එම කුසලමය පණිවුඩය දුන්නේ අමරසේකර මහතා ය. දැන් ඇරිගෝ පින හා කුසලය හඳුනාගෙන සිටී.

“මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝ මයා” යැයි බුදු දහමේ (ධම්ම පදය - යමක වග්ගය 1 - 2) උගන් වන්නේ මනස (සිත) සියල්ලට පූර්වංගම වන බව හා ශ්‍රේෂ්ඨ වන බව යි.

බුදු දහමේ සඳහන් පරිදි දාන - ශීල දෙක නැතිව භාවනාවට යා නොහැකි ය. භාවනාව නැතිව දාන ශීල දෙකෙන් පමණක් නිර්වානය ශාක්ෂාත් කැර ගන්නටත් නොහැකි ය. මේ සියල්ලට “සිත” ප්‍රධාන වේ.

මේ මෙවැනි වූ තවත් සිද්ධියකි.

ඇය කන්ද උඩරට ප්‍රදේශයේ ජීවත් වූ විවාහක කාන්තාවකි. ඇයට දරු සම්පත් ලැබීමේ වාසනාවක් නොවූයෙන් නිතර දන්සිල් හි යෙදුණාය. ඥාතීන්ට, අසල්වාසීන්ට, නැති බැරි අයට මෙන් ම ගමේ පන්සලට දාන මාන පරිත්‍යාග කළාය. සිය සහෝදරයෙකුගේ දියණියකට විශේෂයෙන් උදව් කළාය. අවසානයේ මේ කාන්තාව සියල්ල අතහැර සිල් මෑණිවරුන්ගේ ආරාමයක පැවිදි වූවා ය.

සිල් මෑණි කෙනෙකු බවට පත් ඇය ගිහි ගෙදර සිටියදී කළ දන් පින් නිතර මෙනෙහි කළා ය. තමන් සමාදන් වූ සීලය නිතර මෙනෙහි කරමින් ආරක්ෂා කළා ය. මෙසේ උදේ සවස ආගමික වතාවත් කරමින් සිටි නමුත් සිත දියුණු කිරීමේ කටයුතු ඒ තරම් ශක්තිමත් වූයේ නැත. තමන් ගිහි ජීවිතය ගත කළ පවුලේ ශක්තිය, තමන් පරිහරණය කළ වස්තු සම්පත්, තමන් කළ පරිත්‍යාග පමණක් නොව තමන් රක්නා සීලය පිළිබඳ පවා ඇය තුළ ගාම්භීර බවක් පැවතුණි. එය එක්තරා විධිහකට සිත තුළ පැවති මානයක් යැයි කීමට ද පුළුවන.

මෙසේ සිටියදී දිනක් මේ සිල් මෑණියෝ ගමනක් යමින් සිටිය දී හිටි හැටියේ හෘදයාබාධයකින් මහ මඟ වැටී මරණයට පත්වූහ. එතුමිය මරණයට පත්වන අවස්ථාවේ “මම වැටුණේ මහ පාරේ නොවේ ද? මා මහ පාරේ වැටී මිය යා යුතු කෙනෙක් ද? මෙය මගේ ගරුත්වයට මදි පුංචි කමකි. අනේ අපොයි මේ මොකද වුණේ” යැයි මහත් පීඩාවකට පත්ව එය ම චුති චිත්තයට බවට පත් විය. එයින් ම ඇය පේ‍්‍රතාත්මයක උපන්නා ය.

කොයි තරම් දාන - ශීල දෙකෙහි යෙදුණ ද භාවනාවෙන් සිත සකස් කැර ගත යුතු යැයි කියන්නේ ඒ නිසා ය. “ගච්ඡන්ති සබ්බේ මරණං අහං ච” සියල්ලෝ ම මරණයට පත් වෙති. මම ද මරණයට පත් වෙමි යි ඇය මරණානුස්සතිය වඩා තිබුණේ නැත. “කොතැන වුණත් නැත මරු හට බාධා” යැයි ඇය හඳුනාගෙන අවබෝධ කැර ගෙන සිටියේ නැත. ඇගේ යටි හිත තුළ ඇය උසස් තත්ත්වයක සිටින බවත්, ඒ තත්ත්වයට සරිලන පරිදි මරණය ද ගරු ගාම්භීරව සිදු වනු ඇතැයි ආශාවක් තිබෙන්නට ඇත.

මම දැන් සියල්ල අතහැර සිටිමි. මගේ මරණය ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයකදී සිදු වුණත් මම ඊට සූදානම් යැයි ඇය සිත සකස් කැර ගෙන සිටියේ නැත. ඒ නිසා, අවසාන මොහොතේ සිත නරක් වීම නිසා, යටි හිතේ තණ්හාවක් තැන්පත්ව තිබී මතුවීම නිසා, මේ සිල් මෑණියෝ පේ‍්‍රතාත්මයක් ලබා ඉපැදුණා හ.

පේ‍්‍රතියක් වුවද අපේ පියවි ඇසට නොපෙනෙන ඒ පේ‍්‍රත කය පවත්වා ගෙන යා යුතු ය.

ඒ සඳහා අවශ්‍ය ආහාර පාන ලබා ගත යුතු ය. ඒ අවශ්‍යතාව මතු වූ සැටියේ ම ඇයට තමන් උදව් කළ ඥාති දියණිය සිහි පත් විය. ඒ වන විට ඥාති දියණියගේ කර්ම විපාක ද ඊට ම ගැළපෙන පරිදි සකස් වී තිබුණි. මේ පේ‍්‍රතිය ඇගේ සිරුරට රිංගා ගත්තා ය. ඇගේ පැවැත්ම සඳහා අවශ්‍ය ආහාර සපයා ගැනීමට පේ‍්‍රතිය දක්ෂ වූවා ය.

දැන් මේ තරුණ කාන්තාවට සුව නොවන සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳී ඇත. ප්‍රතිකාර සඳහා පැමිණි ඇය තුළින් පේ‍්‍රතිය මතු වී ආවාය.

ඇගේ කළ ප්‍රශ්න කිරීම් මෙසේය.

“පේ‍්‍රතිය! ඇයි මේ කාන්තාවට හිරිහැර කරන්නේ?

“මම හිරිහැර කරන්නේ නෑ”

“එහෙනම් තමුන් මොනවාද ඇයට කළේ?”

“මම ඇයට හෙම්බිරිස්සාව හැදුවා. ඒක සුව වෙන්නට ඉඩ දෙන්නේ නෑ”

“ඇයි එහෙම කරන්නේ?”

“මමත් ජීවත් වෙන්න එපායැ. මගේ ආහාරය මම සපයා ගන්නවා.”

“මොනවද තමුන්ගෙ ආහාරය?”

“හීඞ... හීඞ... හී...”

“හීක් හීක් කියලා හරි යන්නේ නෑ. මොනවාද තමුන්ගෙ ආහාරය?”

“සොටු”

මතුගම

මහින්ද විජේතිලක
http://www.silumina.lk/2010/08/22/_art.asp?fn=aw1008221

No comments:

Post a Comment

Free HTML Blog 4u